.webp)
COLOMBO (News 1st) – ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන වැඩසටහන යටතේ ජපානය රුපියල් බිලියන 1.76 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබේ.
මෙම වෛද්‍ය උපකරණ අතරට CT ස්කෑන් යන්ත්‍රයක් , MRI ස්කෑන් යන්ත්‍රයක් , එන්ජියෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් හා බහු පරාමිති මොනිටර් 09 ක් ද ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා විසින් කොළඹ ජාතික රෝහල් නව බාහිර රෝගී ගොඩනැගිලි පරිශ්‍රයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙම පරිත්‍යාගයන් ලබාදී තිබේ.