.webp)
COLOMBO (News 1st) – ජාත්‍යන්තර ඛණිජ තෙල් නිෂ්පාදන සිල්ලර සැපයුම්කරුවන්ට මේ වසර අග වන විට දේශීය වෙළඳපොළට ඇතුළුවීමට අවසර හිමි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ටුව්ටර් පණිවුඩයක දැක්වෙන්නේ , ඛණිජ තෙල් නිෂ්පාදන විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත ඔක්තොම්බර් 26 වැනිදා සිට බලාත්මක බවයි.
අදාළ පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ අනුව මෙරට ඉන්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට ජාත්‍යන්තර ඛනිජ තෙල් නිෂ්පාදන බෙදා හරින සමාගම්වලට අවස්ථාව හිමිවනු ඇති.