.webp)
COLOMBO (News 1st)- ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගනුදෙනුව සම්පූර්ණ කර තිබේ.
ඔහු ට්විටර් සමාගම මිලදී ගැනීමට වැය කර ඇති මුදල ඩොලර් බිලියන 44 කි.
" කුරුල්ලා නිදහස් කර ඇත" යනුවෙන් ට්විටර් සටහනක් තබමින්, ඒලොන් මස්ක් සිය ගනුදෙනුව අවසන් කළ බව සඳහන් කර ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන් ය.
ඔහු සමාගමේ අයිතිය හිමිකර ගැනීමත් සමග සමාගමේ ප්රධානියා ඇතුළු ප්රමුඛ පෙළේ, විධායක නිලධාරීන් කිහිපදෙනෙකු සේවයෙන් පහකර ඇතැයි, එම වාර්තාවල සඳහන්වේ.
ඒලොස් මස්ක් ට්විටර් සමාගම පවරා ගත් බව, සමාගම මෙතෙක් තහවුරු කර නොමැති නමුත්, අයෝජකයෙකු උපුටා දක්වමින් මෙම ගනුදෙනුව අවසන් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණ කළේ ය.