අද තරග දෙකම වැස්සට සේදෙයි..

අද තරග දෙකම වැස්සට සේදෙයි: ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි ස්ථානයට

by Staff writer 28-10-2022 | 6:23 PM

COLOMBO (News 1st) - පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල විය.

සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.

දෙපිලටම එක් ප්‍රසාද ලකුණු බැගින් හිමි වූයේ, වර්ෂාව නිසා තරගය අතහැර දැමූ බැවින් ය.

මේ අතර සත්කාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අද දිනයේ දෙවැනි තරගය නැරඹීමට ප්‍රවේශපත්‍ර මිලදී ගත් 50,000කට අධික ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ද වර්ෂාවෙන් සේදී ගියේය.

එම තරගය ද පැවැත්වීමට තිබුණේ  මෙල්බර්න්හිදීය.

තරගය අත්හැර දැමීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවිය.

ඒ අනුව 1 වන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ නවසීලන්තය රැඳී සිටින අතර දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ එංගලන්තයයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගය හෙට(28) සිඩ්නිහිදී පැවැත්වීමට නියමිතය.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග ඔබට සිරස ටී.වී. ඔස්සේ නැරඹිය හැකියි.