2023 අය - වැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට

2023 අය - වැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට

by Staff writer 27-10-2022 | 4:15 PM

COLOMBO (News 1st) –  2023 වසර සඳහා වන අය - වැය ලබන නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ‍‍තිබේ. 

ඒ අද කාතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා‍වේදීයි. 

ඒ අනුව අය වැය දෙවන වර කියවිමේ විවාදය ලබන 15 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

අය-වැය දෙවන වර කියවිමේ ජන්ද විමසිම ලබන 22 වනදා පස්වරුවේ පැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය කෙරිණ. 

අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

අය-වැය තුන්වර කියවිමේ ජන්ද විමසිම දෙසැම්බර් 8 වනදා පස්වරුවේ පැවැත්වෙනු ඇති.