සමාජ ආරක්ෂණ බද්දෙන් විදුලි බිල ත් ඉහළට...

සමාජ ආරක්ෂණ බද්දෙන් විදුලි බිල ත් ඉහළට... 2.5% තවත් ගාස්තු වැඩිවීමක්

by Staff writer 27-10-2022 | 2:17 PM

COLOMBO (News 1st) –  ඔක්තෝබර් පළමු වැනිදා සිට 2.5 %ක් වන සමාජ ආරක්ෂණ බද්ද විදුලි බිලට එක්කරන බව, ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 

මෑතකදී විදුලි බිල ඉහළ දැමු බැවින් අදාළ බදු වැඩිවීම පාරිභෝගිකයාගෙන් ලබා නොගන්නා ලෙස තමන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව විදුලි බල ක්ෂේත්‍රයේ නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ප්‍රකාශ කළේ ය. 

වක්‍ර බද්දක් පැනවූ විට එය අවසාන පාරිභෝගිකයාගෙන් අය කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. 

කෙසේ වෙතත් මෙම බද්ද ජල බිලට බලපාන්නේ දැයි, නිවුස්ෆස්ට් විමසීමක් කළ අතර ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, අදාළ බද්දෙන් ජල සම්පාදන මණ්ඩලය නිදහස් කර ඇති බවයි.