දේශීය ආදායම් සංශෝධන කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

දේශීය ආදායම් සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Staff writer 27-10-2022 | 4:43 PM

COLOMBO (News 1st) – දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කෙරිණ. 

ඒ , ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක සාමාන්‍ය අධිකාරිවරයෙකු වන උතුල සාරංග රණවීර මහතා විසින්. 

පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි. 

පනත් කෙටුම්පත සම්මත වුවහොත් රටේ වෘත්තිකයන්ට මෙන්ම සාමාන්‍යය ජනතාවට විශාල අසාධාරණයක් වන බව පෙත්සම්කරු පෙන්වාදී තිබේ. 

එබැවින් එම පනත් කෙටුම්පතේ අඩංගු 15,  16,  22,  29 , 36  සහ 39  යන වගන්ති ඉවත් කිරීමට හෝ ඒවා තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසට පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.