CID ස්ථානාධිපතිට අධිකරණයෙන් නොතිසී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ස්ථානාධිපතිට අධිකරණයෙන් නොතීසි

by Staff Writer . 27-10-2022 | 3:57 PM

COLOMBO (News 1st) –   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි, දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද නොතිසි නිකුත් කළේ ය. 

ඒ, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන්නැයි, දන්වමිනි. 

ලක්මාල් හේරත් නමැත්තා ගොනු කළ නඩුවක් අද කැඳවූ  අවස්ථාවේ අධිකරණය එම නියෝගය නිකුත් කළේ ය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, රාජ්‍ය අමාත්‍යවරියගේ ජාතික හැඳුණුම්පත සහ උප්පැන්න සහතිකය ව්‍යාජ බවට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් සාක්ෂි ලබා දී ඇති අවස්ථාවක ඒ පිළිබඳ විමර්ශන ඉදිරියට කරගෙන නොයෑම බරපතළ රාජකාරි පැහැර හැරීමක් බවයි.