.webp)
COLOMBO (News 1st) – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන නොවැම්බර් 24 වැනි දක්වා තවදුරටත් දිර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ ය.
ඒ , කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධ නඩුවක් අද (26) කැඳවූ අවස්ථාවේදියි.
2022 මුල් කාලයේදි ස්වෛරි බැඳුම්කරවලින් ගත් ඇමරිකානු ඩොලර් මිලියන 550 ක් මුදලක් ගෙවීමෙන් රට බංකොළොත් තත්ත්වයට පත් වූ බව පවසමින් කීර්ති තෙන්නකෝන් මහතා මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.
අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
පැමිණිලිකරු මෙම නඩුව ගොනු කර ඇත්තේ සාධාරණ හේතුවකින් තොරව බැවින් නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස කබ්රාල් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ විරෝධතා ලබන මස 24 වැනිදා ගොනු කරන ලෙස ද අධිකරණය දැනුම් දුන්නේ ය.