.webp)
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න මහතා පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගත්තේ ය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වසර 14 කට පසුව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසියේ ඔහුගේ මග පෙන්වීම යටතේයි.
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට මාස 5ක කාලයක් තිබියදී ඔහු මෙලෙස එම තනතුරෙන් ඉවත්ව ඇති අතර ලබන මාසයේ සිට බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාජකාරි කටයුතු අරඹන බවට වාර්තා වෙයි.