.webp)
COLOMBO (News 1st) – උණ වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු දැනට රැඳවුම් භාරයේ පසුවන ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරුවී තිබේ.
ජාතික රෝහලේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, උන්වහන්සේ මේ වන විට නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගල්වැව සිරි ධම්ම හිමියන් මේ වන විට දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටී.
මේ අතර ගල්වැව සිරිධම්ම හිමියන් රෝහල්ගත කිරීම ප්‍රමාද වූ බවට චෝදනා කරමින් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමට සැලසුම් කර තිබේ.