යාලට ඇතුළු වී නීති කැඩූ 9 දෙනෙකුට ඇප

යාලට ඇතුළු වී නීති කැඩූ 9 දෙනෙකුට ඇප

by Staff writer 26-10-2022 | 5:16 PM

COLOMBO (News 1st) - යාල වනෝද්‍යානය නැරඹීමට ඇතුළු වූ පිරිසක් උද්‍යාන නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ජීප් රථ 7ක් සමග පුද්ගලයින් 9 දෙනෙකු අද (26)තිස්සමහාරාම මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ, සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙසයි.

වනජීවි නිලධාරීහු අද (26) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.