නවසීලන්ත - ඇෆ්ගනිස්ථාන තරගය අතහැර දමයි

නවසීලන්ත - ඇෆ්ගනිස්ථාන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමයි

by Staff writer 26-10-2022 | 4:56 PM

COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර තරගය අතරහැර දැමීමට සිදු විය. 

තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරගයක් වූ මෙය ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත් මෙල්බන් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාව හේතුවේ කාසියේ වාසිය උරගා බැලීමට ද හැකි වූයේ නැත.

නියමිත නිරීක්ෂණ කාලය අවසානයේදී තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා තීරණය කළේ, එම තරගය අතහැර දැමීමටයි.

ඒ අනුව දෙපිළටම ප්‍රසාද ලකුණු බැගින් ප්‍රදානය කර තිබේ.

නවසීලන්තය තවදුරටත් එහි පෙරමුණේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 3ක් ලබා ගනිමිනි.

ඇෆ්ගනිස්ථානයට එක් ප්‍රසාද ලකුණක් හිමි වී ඇති අතර ඔවුන් ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවේ.