සූර්යබල පද්ධති ගැන දැනුම්දීමක්

වහල මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු ඉහළට - ඇමති කංචන

by Staff writer 25-10-2022 | 8:45 PM

COLOMBO (News 1st) - වහල මත සවිකරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන ගාස්තු  ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කිලෝවොට් 500 ට අඩු සූර්ය පැනලවලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රුපියල් 22 සහ රුපියල් 15.50 පැවැති මුදල රුපියල් රුපියල් 37 ක් ලෙස ඉහළ දමා ඇත.

කිලෝවොට් 500 වැඩි නම් එම මුදල ඒකකයක් සඳහා රුපියල් 34 යි ශත 50 ක් වශයෙන් ඉහළ දමා තිබේ.

වාර්ෂිකව ගෙවන මුදල සංශෝධනය කෙරෙහි ද සලකා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.