රිෂි බ්‍රිතාන්‍ය අගමැති ධුරයේ වැඩ භාර ගැනීම අද

රිෂි සුනක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයේ වැඩ භාර ගැනීමට සූදානම්

by Staff writer 25-10-2022 | 10:55 AM

COLOMBO (News 1st) – රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ස්ථාවරත්වය සහ එකමුතුකම අවශ්‍ය බව බිත්‍රාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට තේරි පත් වු රිෂි සුනක් පවසයි. 

ඔහු මේ බව පැවසුවේ,  පාලක කොන්සවේටිව් පක්ෂ නායකත්ව තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු පළමු වරට මාධ්‍ය අමතමිනි. 

මේ අතර අද පෙරවරුවේ බිත්‍රාන්‍ය රජු හමුවිමෙන් අනතුරුව රිෂි සුනක් නිල වශයෙන් බිත්‍රාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් විමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 

එහිදි නව රජය පිහිටුවිම සඳහා බිතාන්‍ය රජු විසින් රිෂි සුනක්ට ආරාධනා කිරීමට නියමිතයි.

අද පස්වරුවේ බිත්‍රාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ඇමතිමට ඇමරිකානු ජනාධිපතිවරයා අපෙක්ෂා කරන බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ. 

මේ අතර නව අග්‍රාමාත්‍යවරයා වෙත සිය සුබ පැතුම් එක් කරමින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර ඇත්තේ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමටත්,  සිය ඓතිහාසික සබඳතා නවීන හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරිමටත් සූදානම් බවයි.