මාවනැල්ලේ බස් අනතුරකින් 30ක් රෝහලේ

මාවනැල්ලේ බස් අනතුරකින් 30ක් රෝහලේ

by Staff writer 25-10-2022 | 3:59 PM

COLOMBO (News 1st) –  කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, අන්වාරම ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. 

පොලිසිය පැවසුවේ, පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. 

පෞද්ගලික බස් රථය කෑගල්ලේ සිට නුවරඑළිය දක්වා ධාවනය කර ඇති අතර ලංගම බස් රථය මාවනැල්ලේ සිට කෑගල්ල දක්වා ධාවනය කර තිබේ.