ජාතික රෝහලේ රෝගීන්ගේ මුදල් සොරා ගන්නා කණ්ඩායමක්

ජාතික රෝහලේ රෝගීන්ගේ මුදල් සොරා ගන්නා කණ්ඩායමක් ගැන තොරතුරු

by Staff writer 25-10-2022 | 9:24 AM

COLOMBO (News 1st) – කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මුදල් , ජංගම දුරකතන සහ රන් ආභරණ සොරා ගෙනයාමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.  

ජාතික රෝහලේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ,  රෝගීන් බැලීමේ මුවාවෙන් පැමිණෙන කණ්ඩාමක් විසින් මෙය සිදු කරන බවයි. 

ඒ සඳහා රෝහලේ ඇතැම් සේවකයින්ගේ ද සහය ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේ ය. 

රෝගීන්ගේ මුදල් , ජංගම දුරකථන හා රන් ආභරණ සොරා ගත් කිහිප දෙනෙකු අල්ලා මේ වන විට පොලිසිට භාරදී තිබේ.