අඩු බර පාන් විකුන්නොත් දඩ

අඩු බර පාන් විකුණන වෙළඳුන් සොයා දීප ව්‍යාප්ත මෙහෙයුම්.. - පාරිභෝගික අධිකාරිය

by Staff writer 25-10-2022 | 11:12 AM

COLOMBO (News 1st) –  අඩු බර පාන් අළෙවි කළ පුද්ගලයින් 100 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ, අඩු බර පාන් අළෙවි කරන පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව අඛණ්ඩ මෙහෙයුම් කරන බවයි.

අච්චුපාන් රාත්තලක බර ග්‍රෑම් 450 ක් වන අතර එකී නියමිත  බර නොමැතිව පාන් අලෙවි කරන තනි ව්‍යාපාරයක හිමිකරුවකුට රුපියල් 1,000 සිට 10,000 දක්වා දඩයක් නියම කරනු ඇති. 

සමාගමක් සඳහා රුපියල් 10,000 සිට 100,000 දක්වා ද දඩ මුදලක් අය කළ හැකි වේ. 

වැඩි මිලට පාන් අළෙවි කරන සහ ඒ සම්බන්ධ ගැටලු 1977 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන්නැයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.