.webp)
COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය තීරණයකින් තොරව අත්හැර දැමීමට විනිසුරුවන් අද(24) තීරණය කළේ ය.
ඒ, තරගයට දිගින් දිගටම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි.
වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භය ද පැය කිහිපයකට ප්‍රමාද විය.
වර්ෂාව නිසා තරගය තාවකාලිකව නතර කරන විට ලකුණු 64ක ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකාව කිසිවෙක් නොදැවී ලකුණු 51ක් රැස් කරගෙන සිටියේ ය.
වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 9කට සීමා වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 79 ක් රැස් කිරීමට සමත් විය.
සිම්බාබ්වේ මුල් පෙළ කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 19කදීයි.
නායක ක්‍රෙයිග් අර්වින්, ලකුණු 2කට දැවී ගියේ ය.
සිකන්දර් රාසාට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැත.
ශෝන් විලියම්ස් දුවද්දී දැවී ගිය අතර ඒ වනවිට ඔහු එක් ලකුණක් රැස් කරගෙන සිටියේ ය.
මිල්ටන් ශුම්බා ලකුණු 18යි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වෙස්ලි මධවේරේ නොදැවී ලකුණු 35ක් රැස් කරගැනීමට සමත් විය .
ලුන්ගි එන්ගීඩි කඩුලු 2යි.