.webp)
COLOMBO (News 1st) - පසුගිය සති අන්තයේ යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසාවන පරිදි කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
ජීප් රථ 40කින් පමණ යාල වනෝද්‍යානයට ඇතුළු වූ පිරිසක් සතුන්ට හා පරිසරයට හානිවන අයුරින් වනෝද්‍යානයේ නීති කඩකරමින් හැසිරෙන අයුරු දැක්වෙන් දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ.
අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ පසුගිය සෙනසුරාදා මේ පිරිස වනෝද්‍යානයට ඇතුළු වී ඇති බවය.
මෙලෙස කටයුතු කළ පුද්ගලයින් පිළිබඳව සියලු තොරතුරු සහ සාක්ෂි වනජීවි දෙපාර්තමේන්තුව සතුව පවතින බව වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, වනෝද්‍යානයේදී වනසතුන්ට හිරිහැරවන පරිදි වාහනවලින් ගොස් හැසිරුණු පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස්දී ඇති බවය.