බංග්ලාදේශයට ලකුණු 9 ක ජයක්

නෙදර්ලන්තයට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 9ක ජයක්

by Staff writer 24-10-2022 | 2:15 PM

COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ නෙදර්ලන්තයට එරෙහි තරගය බංග්ලාදේශය ලකුණු 9 කින් ජය ගත්තේ ය.

හෝබාර්ට්හීදි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් රැස් කළේ ය.

අෆීෆ් හුසේන් ලකුණු 38ක් ලබා ගත්තේය.

පෝල් වෑන් මකීන් සහ බස්ඩ ලීඩ කඩුලු 2 බැගින් දවා ගැනිමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 2 පළමු පන්දුවාරයේ පළමු පන්දු දෙකේදී දැවී ගියේය.

කොලින් ඇකර්මන් ලකුණු 62 ක් රැස් කළේ පන්දු 48කිනි.

ටස්කින් අහමඩ් කඩුලු 4ක් දවා ගත්තේ ය.

තරගයේ නියමිත පන්දුවාර 20 අවසන් වනවිට නෙදර්ලන්තයේ සියලු දෙනා ලකුණු 135කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විය.