දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන මස පාර්ලිමේන්තුවට

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන මස පාර්ලිමේන්තුවට - අධිකරණ ඇමති

by Staff writer 24-10-2022 | 10:16 AM

COLOMBO (News 1st) - දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් මස අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, සියලු පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් හා සිවිල් ක්‍රියාකාරින් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද තමන් සූදානමින් සිටින බවයි.