ලක්ෂ 21 ක මුදල් කොල්ලය: දෙදෙනෙක් කොටු

මොරටුවේ රු. ලක්ෂ 21ක කොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 23-10-2022 | 11:12 AM

COLOMBO (News 1st) - මොරටුව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 21 ක මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය රත්මලාන ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීය. 

මෙම සිද්ධිය සඳහා භාවිත කළ කුලී පදනම මත ලබා ගත් වෑන් රථයක්, යතුරු පැදියක්, ත්‍රීරෝද රථයක් සහ තියුණු ආයුධයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

වෙළෙඳසැලක සේවකයෙකු විසින් පසුගිය 04 වැනි දා රුපියල් ලක්ෂ 21 ක මුදල් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන ගොස් තිබුණි. 

එහිදී තවත් පිරිසක් විසින් එම සේවකයා පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදු කර අදාළ මුදල් තොගය කොල්ල කා තිබුණි. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් දෙදෙනා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.