.webp)
විදෙස් වාර්තා පවසන්නේ, මෙය සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බවය.
එය ලබන 25 වැනි දා වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇති.
මේ අතර තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (23) පෙරවරුවේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළේ ය.
ඒ බස්නාහිර, සබරගමුව, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහායි.
ඒ අනුව එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
අද උදෑසන 6.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල, බූස්ස ප්‍රදේශයෙන් වාර්තා විය.
එය මිලිමීටර් 213 කි.
ගාල්ල, ඇත්කඳුර ප්‍රදේශයට මිලිමීටර් 114.5 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
මේ අතර ගංගා සහ දිය ඇලි භාවිතයේදී විමසිලිමත්වන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා එම ඉල්ලීම කළේ, ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.