දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්

දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්

by Staff writer 23-10-2022 | 11:04 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
එම දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර, පුත්තලම, බදුල්ල, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කයි. 

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛාව 50,073 කි.

පසුගිය වසරට සාපේක්ෂව එය සීඝ්‍ර වැඩිවීමකි. 

පසුගිය වසරේ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 25,067 ක් ලෙසය. 

පවතින අධික වැසි හමුවේ ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්තවිය හැකි බැවින් මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිළිබඳ විමසිලිමත්වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.