ශ්‍රී ලංකාවට කඩුලු 9 ක විශිෂ්ට ජයක්

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 9ක විශිෂ්ට ජයක්

by Staff writer 23-10-2022 | 1:36 PM

COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ අයර්ලන්තයට එරෙහිව මුහුණ දුන් පළමු තරගය ශ්‍රී ලංකාව කඩුලු 9 කින් විශිෂ්ට ලෙස ජය ගත්තේය.

තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 128ක් පමණි.

හැරී ටෙක්ටර් ලකුණු 45 ක් රැස් කළේ ය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 2කි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 63 කි.

ධනංජය ද සිල්වා ලකුණු 31 ක් රැස් කළේ ය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක දෙවැනි කඩුල්ල සඳහා පන්දු 40 කදී ගොඩනැගූ නොබිඳුනු සම්බන්ධතාව ලකුණු 70 කි.

කුසල් මෙන්ඩිස් නොදැවී පන්දු 43 කදී ලකුණු 68 ක් රැස් කළ අතර එම ඉනිමට 6 පහර 3ක් සහ 4 පහර 5ක් ඇතුළත් වේ.

චරිත් අසලංක නොදැවී පන්දු 22 කදී ලකුණු 31 යි.

ඒ අනුව පන්දුවාර 15 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ය.

ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ සහභාගීවන මීළඟ තරගය අනිද්දා(25) සත්කාරක ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිතය.