.webp)
දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මේ අතර ඊයේ (22) උදෑසන 8.30 සිට අද (23) අලුයම 5.30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල, හෑගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
එම අගය මිලිමීටර් 191 කි.
ගාල්ල, ඇත්කඳුර ප්‍රදේශයට එම කාල සීමාව තුළ මිලිමීටර් 113.5ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ සිදු වූ අනතුරුවලින් දින 3 ක් තුළ පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.
පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ දිනවල ගංගා සහ දියඇලි භාවිතයේදී විමසිලිමත් විය යුතු බවයි.
අධික වැසි හමුවේ ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණි.