සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් ඉහළට..

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් ඉහළට - පොලීසිය

by Staff writer 22-10-2022 | 7:15 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් ඉහළ ගොස් ඇතැයි පොලීසිය පවසයි.  

පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ,  බස්නාහිර සහ දකුණු පළාත්වල සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කරන වෙඩි තැබීම් ඉහළ ගොස් ඇති බවයි. 

විදෙස්ගතව සිටන සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ඇතැම් අපරාධ මෙහෙයවන බවට තොරතුරු හෙළිවී තිබේ. 

පොලිසිය පැවසුවේ , පසුගිය මැයි 31 වැනිදා සිට මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිදුවීම් 30ක් වාර්තාවී ඇති අතර ඒ සියල්ලම සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකර ඇතැයි හෙළිවූ බවය. 

ඒ අනුව මේ වනවිට සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා විශේෂ විමර්ශන කොට්ඨාස ඒකක ස්ථාපිත කර තිබේ. 

ඒ පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ ඒකාබද්ධවයි. 

පසුගිය මැයි 31 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වෙඩි තැබිමේ සිදුවීම්වලට අදාලව අත්අඩංගුවට ගෙන ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජි‍කයින් සංඛ්‍යාව 70කට ආසන්න බව පොලිසිය සඳහන් කළේ ය.