නවසීලන්තය හමුවේ ඔස්ට්‍රේලියාවට දැවැන්ත පරාජයක්

ලෝක ශූර ඔස්ට්‍රේලියාවට නවසීලන්තය ඉදිරියේ ලකුණු 89 ක දැවැන්ත පරාජයක්

by Staff writer 22-10-2022 | 5:28 PM

COLOMBO (News 1st) - වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාව මෙවර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ ලකුණු 89 කින් පරාජය විය. 

සුපිරි 12 දෙනාගේ වටය ආරම්භ කරමින් සිඩ්නිහිදී ප්‍රතිවාදී නවසීලන්තයට එරෙහිව අද (22) පැවැති  තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 201ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 111ක් පමණි. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 200ක් රැස් කළේ ය.

ඩෙවෝන් කෝන්වේ සහ ෆින් ඇලන් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 56යි.

ෆින් ඇලන් ලකුණු 42ක් රැස් කළේය. 

නවසීලන්ත ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවා වූ ඩෙවෝන් කෝන්වේ ලකුණු 92ක් රැස් කළේ, පන්දු 58කිනි.

ඩේවිඩ් වෝනර් සහ නායක ඒරන් ෆින්ච් ලකුණු 201ක ඉලක්කයක් හඹා යෑම සඳහා ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ ය.

සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 5කට පිටියෙන් ඉවත් වූයේ, ටිම් සවුතිගේ දක්ෂ පන්දු යැවීම අබියසයි.

නායක ඒරන් ෆින්ච් ලකුණු 13කට දැවී ගියේ ය.

මිචෙල් මාෂ්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 16 ක් පමණි.

ඒ අනුව ඔස්ට්‍රේලියා මුල් පෙළ කඩුලු 4 ලකුණු 50කදී බිඳ වැටුණි.