.webp)
COLOMBO (News 1st) – දින කිහිපයක් පුරා පැවැති වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,296කට අයත් පුද්ගලයින් 4,929 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 31 කට අයත් පුද්ගලයින් 116 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවය.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ ය.