.webp)
COLOMBO (News 1st) – නාවලපිටිය හා කුලියාපිටිය ප්‍රදේශවලදී දියේ ගිලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ(21) පස්වරුවේ ඒදණ්ඩෙවෙල ඇළට වැටී ගසාගෙන ගොස් 58 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
කුලියාපිටිය, දියාවල සිට ඇරුව්පොල දක්වා පුද්ගලයින් 5 දෙනෙකු රැගත් වෑන් රථයක් ධාවනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, එහිදී වෑන් රථයේ රියැදුරු වෑන් රථයෙන් බැස ඒදණ්ඩෙවෙල ඇල ආශ්‍රිත ජල මට්ටම පරීක්ෂා කිරීමට යාමේදී ඇළට වැටී ගසාගෙන යාමෙන් මියගොස් ඇති බවය.
මේ අතර, නාවලපිටිය, ගලබඩවත්ත ප්‍රදේශයේදී ඇළකට වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.
අදාළ පුද්ගලයා සිය ඥාති නිවසකට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.