ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි..

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි..

by Staff writer 22-10-2022 | 3:28 PM

COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. 

මේ අතර දැඳුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් මේ වනවිට විවෘත කර තිබේ.

තලවකැලේ - පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවසට දැඩි හානි සිදුව ඇතැයි ද අප වාර්තාකරු සඳහන් කළේ ය.