'අලිවත්තේ අසිතගේ' ඝාතනය:තිදෙනෙක් කොටු

'අලිවත්තේ අසිතගේ' ඝාතනයට යොදාගත් යතුරුපැදිය සමග සැකකරුවන් 03ක් අත්අඩංගුවට

by Staff writer 22-10-2022 | 3:35 PM

COLOMBO (News 1st) - 'අලිවත්තේ අසිතගේ' ඝාතනයට යොදාගත් යතුරු පැදිය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන දැනට ඩුබායිහි සැඟව සිටින කසුන් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ රූබන්ගේ ගෝලයන් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

පසුගිය අගෝස්තු 29 වැනි දා සැකකරුවන් රණවක ආරච්චිගේ අසිත මදුරංග පෙරේරා නොහොත් 'අලිවත්තේ අසිත' නැමැත්තා ඝාතනයට ලක්ව තිබුණි.