.webp)
ඒ, ස්කොට්ලන්තයට එරෙහි සුදුසුකම් ලැබීමේ වටයේ තරගය කඩුලු 5කින් ජය ගනිමිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 132ක් රැස් කළේ ය.
ස්කොට්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 42 කදීය.
ජෝර්ජ් මන්සි ලකුණු 54ක් රැස් කළ අතර එම ඉනිමට 4 පහර 7ක් ඇතුළත් ය.
රිචඩ් නගරාවා සහ බෙලෙසින් මුසරබානී අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.
ලකුණු 133ක ඉලක්කයකින් පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 4කදීය.
වෙස්ලි මධවේරේට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැත.
ශෝන් විලියම්ස් ලකුණු 7යි.
සිකන්දර් රාසා පන්දු 23කින් ලකුණු 40ක් රැස් කළේ ය.
4 පහර 3ක් සහ 5 පහර 2ක් ඊට ඇතුළත් ය.