B කාණ්ඩයෙන් සුපිරි 12ට යන්නේ කවුද?

T20 ලෝක කුසලානයේ B කාණ්ඩයෙන් සුපිරි 12ට යන්නේ කවුද? තීරණය අද..

by Staff writer 21-10-2022 | 7:09 AM

COLOMBO (News 1st) –  පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ මූලික වටයේ තරග දෙකක් අද(21) හෝබාර්ට්හීදි පැවැත්වෙයි. එහි පළමු තරගය පැවැත්වෙන්නේ, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවරක් ලෝක ශූරයන් බවට පත්වූ බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්ත කණ්ඩායම් අතරයි. එම තරගය මෙරට වෙලාවෙන් උදෑසන 9.30ට ආරම්භවීමට නියමිතය. දෙවන තරගය ස්කොට්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙයි. ඒ , මෙරට වෙලාවෙන් පස්වරු 1යි 30 යි. තරගාවලියේ දේශීය නිල විකාශන අයිතිය හිමි සිරස ටී.වී. ඔස්සේ මෙම තරග සියල්ලම සජීව ලෙස ඔබට නැරඹිය හැකියි.