.webp)
විදෙස් වාර්තා පැවසුවේ, සියලු විදුලි උපාංග ආරෝපණය කරගන්නැයි එරට ජාතික බලශක්ති සමාගම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇති බවයි.
වරකට පැය 4 බැගින් විදුලිය කප්පාදු කෙරෙන අතර එය සමස්ත යුක්‍රේනයට ම බලපානු ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.
පසුගිය 10 වන දා සිට රුසියාව එල්ල කරන මිසයිල ප්‍රහාර හමුවේ, යුක්‍රේනයේ බලාගාරවලින් 30% ක් පමණ හානි වී ඇතැයි එරට ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි මීට පෙර ප්‍රකාශ කළේ ය.