යල කන්නයේ වී මිලදී ගැනීම තවදුරටත් සිදුකළ නොහැකියි

යල කන්නයේ වී මිලදී ගැනීම තවදුරටත් සිදුකළ නොහැකියි - කෘෂිකර්ම අමාත්‍යාංශය

by Staff writer 20-10-2022 | 11:13 AM

COLOMBO (News 1st) - වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇති ණය මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙන් යල කන්නයේ වී මිලදී ගැනීම තවදුරටත් සිදුකළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ, අදාළ ණය මුදල් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් දන්වා නොමැති බවය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වා දෙන්නේ, ණය මුදල් සඳහා පොලී ප්‍රතිශතය 28% ක් ලෙස අදාළ බැංකු දැනුම් දී ඇති බවය.

කෙසේ වෙතත්, එම පොලී ප්‍රතිශතය ඉහළ බැවින් එය අඩු කර ගැනීමට බැංකු සමග තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බව රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.

යල කන්නයේ නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 120 කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත්, කීරී සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130 කටත් ගොවීන්ගෙන් මිලදී ගැනීමට මීට පෙර මිල නියම කෙරිණි.