.webp)
COLOMBO (News 1st) – උතුරු අන්දමන් මුහුද, දකුණු අන්දමන් මුහුද සහ ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ නිසා බෙංගාල බොක්ක දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ උතුරු අන්දමන් මුහුදේ ක්‍රියා කරන ධීවරයින්ට විමසිලිමත් වන්නැයි දැනුම් දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, මෙම අඩු පීඩන කලාපය ලබන 22 වැනිදා වන විට බටහිර සහ වයඹ දෙසට ගමන් කර එම මුහුදු කලාපය තුළම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
එය, ලබන 24 වැනිදා වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අනතුරුව එය උතුරු සහ ඊසාන දෙසට ගමන් කර, ලබන 25 වැනිදා වනවිට බටහිර බෙංගාල වෙරළ ආසන්නයට ළඟාවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.