UAE T20 ලෝක කුසලානයක පළමු ජය ලබයි..

නැමීබියාව පරාජය කළ UAE T20 ලෝක කුසලානයක පළමු ජය ලබයි..

by Staff writer 20-10-2022 | 5:30 PM

COLOMBO (News 1st) –  එක්සත් අරාබි එමීර් රාජ්‍ය(UAE) කණ්ඩායම පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පළමු ජය අද(20) වාර්තා කළේය.

ඒ, නැමීබියාවට එරෙහි සුදුසුකම් ලැබීමේ තරගය ලකුණු 7කින් අද(20) ජය ගනිමිනි. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 148ක් රැස් කළේ ය. 

මුහමද් වසීම් ලකුණු 50ක් රැස් කළේ පන්දු 41කින් ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාවට කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 141ක් පමණි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වයිස් ලකුණු 55ක් රැස් කළේ ය.