.webp)
COLOMBO (News 1st) – ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කිරීමට පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ලබා දුන් උපදෙස් අනුව එම තීරණය ගත් බවය.
ඉදිරියේදී බිල්පත් ගෙවීමට වැඩපිළිවෙළක් සකසන බව ද අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කර තිබේ.
එතෙක් කිසිදු පාසලක ජල සැපයුම විසන්ධි නොකිරීමට අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ජල සම්පාදන මණ්ඩලය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.