.webp)

COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති සුදුසුකම් ලැබීමේ තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 31කින් අද(19) ජය ගත්තේ ය.
ලකුණු 154ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 122ක් පමණි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජොන්සන් චාල්ස් ලකුණු 45ක් රැස් කළේ ය.
රෝමන් පවෙල් ලකුණු 28කි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 153ක් රැස් කළේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක රෙජිස් චකබ්වා පිටියෙන් ඉවත් වුණේ ලකුණු 13කටයි.
ශෝන් විලියම්ස් එක් ලකුණකට දැවී ගියේ ය.
ආරම්භක පිතිකරු වෙස්ලි මධවේරේ ලකුණු 27කි.
ලකුණු 64ක් තුළ සිම්බාබ්වේ පළමු කඩුලු 5 බිඳ වැටුණි.
