දුෂ්මන්ත චමීරට 20/20 ලෝක කුසලානය අහිමි වෙයි

දුෂ්මන්ත චමීරට 20/20 ලෝක කුසලානය අහිමි වෙයි

by Staff writer 19-10-2022 | 9:08 AM

COLOMBO (News 1st) - වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර පන්දුවාර 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.

ඒ, ආබාධයක් හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ, දුෂ්මන්ත තරගාවලියෙන් ඉවත් කර ඇත්තේ, කළව ආශ්‍රිත අබාධයක් හේතුවෙන් බව ය.