ෆිච් රේටින්ස් ආයතනයෙන් දැනුම්දීමක්

ආර්ථික අර්බුදය දීර්ඝ කාලයක් පැවතියහොත් පෞද්ගලික ආයතනවලට දැඩි බලපෑම් එල්ල කළ හැකියි - ෆිච් රේටින්ස් ආයතනය

by Staff writer 19-10-2022 | 1:04 PM

COLOMBO (News 1st) - ආර්ථික අර්බුදය දීර්ඝ කාලයක් පැවතියහොත් ඉන් ශ්‍රේණිගත කර ඇති පෞද්ගලික ආයතනවලට දැඩි බලපෑම් එල්ල කළ හැකි බව ෆිච් රේටින්ස් ආයතනය පවසයි.

ෆිච් රේටින්ස්ට් ආයතනය පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය පාරිභෝගික භාණ්ඩ, විදුලිබල කේෂ්ත්‍රය සහ නිවාස ඉදිකිරීම් යන ක්ෂේත්‍රවලට අදාළ සමාගම්වලට දැඩිව බලපා හැකි බවයි.