2023 අයවැය කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2023 අයවැය කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

by Staff writer 18-10-2022 | 6:50 AM

COLOMBO (News 1st) - 2023 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, අද සිට ලබන 21 වැනි දා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙන බවය.

අද පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියැවීමේ විවාදය ද පැවැත්වේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වෙන්නේ ලබන 20 සහ 21 යන දිනවලයි.