ජලය පිරුණු ගල් වලක ගිලී ළමුන් දෙදෙනෙක් මරුට

ජලය පිරුණු ගල් වලක ගිලී ළමුන් දෙදෙනෙක් මරුට

by Staff writer 18-10-2022 | 8:36 AM

COLOMBO (News 1st) - නවගමුව, අක්බාර්වත්ත තුන්අඳහේන, කොරතොට ප්‍රදේශයේදී ජලය පිරි තිබූ ගල් වලක ගිලීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ. 

පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) පස්වරුවේ මෙම ළමුන් දෙදෙනා ජලය පිරි ගල් වලෙහි ක්‍රීඩා කරමින් සිටියදී එම අනතුරට ලක්ව ඇති බවය.

ප්‍රදේශවාසීන් විසින් දරුවන් දෙදෙනා ගොඩට ගෙන ඔරුවල රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

මියගොස් ඇත්තේ, අවුරුදු 14ක් සහ 15ක් වයසැති කඩුවෙල ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනෙකි.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුරේ සහ ජලය පිරි ස්ථානවල දරුවන් ක්‍රීඩා කටයුතු සහ විනෝද කටයුතු සඳහා යොමු කිරීමෙන් වළකින්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.