ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 18-10-2022 | 6:11 AM

1. රත්නපුර හා නුවරඑළියට නිකුත් කළ රතු නිවේදන ඉවත් කෙරේ: නමුත් ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් - වර්ෂාව අඩුවීමත් සමග රත්නපුර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ රතු නිවේදන ඉවත් කර තිබේ.

2. අහුංගල්ලේ වෙඩි තැබීම: සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට -  අහුංගල්ලේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

3. පෙට්‍රල් හා ඩීසල් මිල පහළට.. - ඊයේ (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. 

4. අයර්ලන්තයට එරෙහිව සිම්බාබ්වේ පිලට ලකුණු 31ක ජයක්.. - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගය සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (17) ලකුණු 31කින් ජය ගත්තේය.

5. ප්‍රබල කොදෙව්වන් ඉදිරියේ ස්කොට්ලන්තයට පෙරළිකාර ජයක්.. - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ස්කොට්ලන්තය ලකුණු 42 කින් ජය ගත්තේය.