ඇතැම් ස්ථානවලට තවදුරටත් තද වැසි...

ඇතැම් ස්ථානවලට තවදුරටත් තද වැසි...

by Staff writer 18-10-2022 | 6:46 AM

COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. 
 
අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 51,430 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

වැසි සමග ඇති වූ ආපදාවලින් දිවි අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 5 කි. 

මේ අතර ගංවතුර තත්ත්වයක් පැවති බොහෝ ප්‍රදේශවල ජලය මේ වනවිට පහව යමින් ඇතැයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළහ.

 මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පැන වූ නායයම් පිළිබඳ රතු නිවේදනය තවදුරටත් බලාත්මකයි.