ඔස්ට්‍රේලියාව පැරදූ ඉන්දියාව‌ට ජය

සත්කාරක ඔස්ට්‍රේලියාවට එරෙහි පුහුණු තරගයෙන් ඉන්දියාව‌ට ජය

by Staff writer 17-10-2022 | 3:52 PM

COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පුහුණු තරගය ඉන්දීය කණ්ඩායම අද(17) ලකුණු 6කින් ජය ගත්තේය. 

බ්‍රිස්බන්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 186ක් රැස් කළේ ය.

ආරම්භක පිතිකරු ලෝකේශ් රාහුල් ලකුණු 57යි.

සූර්යකුමාර් යාදෙව් අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 180ක් පමණි.

නායක ඒරන් ෆින්ච් ලකුණු 76ක් රැස් කළේ ය.

මිචෙල් මාෂ් ලකුණු 35යි.