ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

රත්නපුර හා නුවරඑළියට නිකුත් කළ රතු නිවේදන ඉවත් කෙරේ: නමුත් ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

by Staff writer 17-10-2022 | 5:28 PM

COLOMBO (News 1st) - වර්ෂාව අඩුවීමත් සමග රත්නපුර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ රතු නිවේදන ඉවත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, රතු නිවේදන ඉවත් කළ නමුත් ඇතැම් ප්‍රදේශවලට නිකුත් කළ අවදානම් නිවේදන එලෙසම පවතින බවය.

කළුතර දිස්ත්‍රික්කය ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවලට නිකුත් කළ රතු නිවේදන එලෙසම පවති.

ඒ අනුව, අදියර II යටතේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ, 

? කළුතර දිස්ත්‍රික්කය
 අගලවත්ත, මතුගම, දොඩංගොඩ, මිල්ලනිය, හොරණ සහ බණ්ඩාරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

? කෑගල්ල දිස්ත්‍රික්කය
රුවන්වැල්ල, දෙහිඔ්විට, වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  

? නුවරඑළිය දිස්ත්‍රික්කය
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  

? රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර, කලවාන, කිරිඇල්ල, ඇළපාත, නිවිතිගල, අයගම, ඇහැළියගොඩ, කුරුවිට හා පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

අදියර I යටතේ විමසිලිමත්ව සිටින්නැයි අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ,

? කොළඹ දිස්ත්‍රික්කය
සීතාවක සහ පාදුක්ක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

? ගාල්ල දිස්ත්‍රික්කය
බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 

? කෑගල්ල දිස්ත්‍රික්කය
බුලත්කොහුපිටිය, දැරණියගල, මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට 

අනෙකුත් ප්‍රදේශවල සිටින ජනතාව සැළකිලිමත්ව සිට අවශවුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යන මෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටි.