.webp)
ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට පන්දුවාර 18 යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 118 ක් පමණි.
තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් නායක නිකලස් පූරන් තීරණය කළේ, පළමුවෙන් පන්දු යැවීමටයි.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 5 යි පන්දු 3 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 52 ක් රැස් කරගෙන සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට සිදු විය.
තරගය නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව ස්කොට්ලන්ත ඉනිම ආරම්භ කළ ජෝර්ජ් මන්සි සහ මයිකල් ජෝන්ස් පළමු කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 55 කි.
ජෝර්ජ් මන්සි නොදැවී ලකුණු 66ක් රැස් කළේ ය.
මයිකල් ජෝන්ස් ලකුණු 20යි.
ජේසන් හෝල්ඩර් කඩුලු 2 ක් දවා ගත්තේ ය.
ස්කොට්ලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 160 කි.